face 2 face පූර්ව ප්‍රචාරක පටය එළියට

හර්ෂ උඩකන්දගේ නවතම සිනමා අධ්‍යක්ෂණය face 2 face චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට එක් කරනු ලැබුවා. 

face 2 face චිත්‍රපටය සඳහා ඕෂධී හිමාෂා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් රණවන, රජිත හිරාන්, දිනෙත් ද සිල්වා ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.  මෙම චිත්‍රපටය සඳහා සංගීත නිර්මාණය කර තිබෙන්නේ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක නිරෝෂන් ඩ්‍රීම්ස් විසින්

face 2 face සහන් අබේවර්ධන සහ ෂ්‍යාමල් දිල්ෂාන්ගේ නිෂ්පාදනයක්.  face 2 face චිත්‍රපටය ලබන වසරේදී තිරගත කිරීමට නියමිත බවයි ආරංචි වෙන්නේ.

චිත්‍රපටයේ ප්‍රචාරක පටය පහතින් නරඹන්න..