යතුරුපැදි අනතුරකින් 2ක් මරුට

අධික වේගයෙන් ගමන් කර ඇති යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තවගේ ගැටීමෙන් යතුරුපැදිකරු සහ කාන්තාව යන දෙදෙනාම මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.

ඊයේ(16) රාත්‍රීයේ මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ පැලවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් මිය ගොස් ඇත්තේ මාදම්පේ, පැලවත්ත පදිංචිව සිටි ජයමහ මුදලිගේ දොන් කසුන් වීරසිංහ නැමති 31 හැවිරිදි පුද්ගලයෙක් සහ මාදම්පේ, කල්‍යාණිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මහමරක්කලගේ ජොසපින් නෝනා නම් වූ 73 හැවිරිදි කාන්තාවකි.

යතුරු පැදිය අධික වේගයෙන් මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වී ඇති අතර එම අවස්ථාවේදී කාන්තාව මාර්ගය හරහා වම් පස සිට දරුණු පසට ගමන් කරමින් සිට ඇති බව වාර්තා වෙයි

පසුව යතුරු පැදිය කාන්තාවගේ ගැටී පෙරළී ගොස් තිබේ.

අනතුරින් තුවාල ලබා සිටි දෙදෙනාව එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් දෙදෙනාම මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.