සෙවිලි තහඩුවක් කඩා වැටි හමුදා සෙබලෙක් මිය යයි

පාන්ගොල්ල යුධ හමුදා කඳවුර අසල පිහිටි රණවිරු ගම්මානයේ දී සිදුවූ අනතුරකින් යුධ හමුදා සෙබලෙකු මියගොස් ඇත.

එම හමුදා සෙබලා ජල ටැංකියක් පවිත්‍ර කිරීම සඳහා වහලයක් මතට නැග ඇති අතර එහිදී වහලයේ සෙවිලි තහඩුවක් කඩා වැටීමෙන් අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.

බරපතල තුවාල ලැබු ඔහු ප්‍රතිකාර සඳහා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන් වේ.

මියගොස් ඇත්තේ ගාල්ල දොඹගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි යුධ හමුදා සෙබලෙකි.

ඔහු මෝදර රොක්හවුස් යුධ හමුදා කදවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිට ඇති අතර පානදුර යුධ හමුදා කදවුරේ පැවැත්වීමට නියමිතව තිබු උත්සවයකට සහභාගී වීමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත්තේ.