ව්‍යාජ මුදල් සමග දෙදෙනෙකු දැලේ

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු ගලෙන්බිඳුණුවැව, රත්මල්වැටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගලෙන්බිඳුණුවැව පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 70ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් 23 හැවිරිදි සහ 20 හැවිරිදි රත්මල්වැටිය සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.