ආණමඩුවේ හෝටලයකට මැර ප්‍රහාරයක්

ආණමඩුව – ආඩිගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය හෝටලයකට කඩා වැදී ඇති මැර පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

ඊයේ (18) වැනිදා රාත්‍රී 10.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

ප්‍රහාරයෙන් තම හෝටලයට රුපියල් ලක්ෂ 20 ක පමණ අලාභයක් සිදුවී ඇති බව හෝටලයේ හිමිකරු වන ජයන කුමාර යන අය සඳහන් කරයි.

යතුරු පැදියකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරය සඳහා කඩු සහ පොළු භාවිතා කර ඇති බව හෝටලයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා වලසටහන් වී තිබේ.

ප්‍රහාරයට පැමිණි කණ්ඩායමේ නායකයා ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවෙකු බවත්,තම හෝටලයෙන් ඔහු විසින් ආහාර ලබා ගෙන මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් ගැටළුවක් මෙම සිද්ධියට හේතුව බව හෝටලයේ හිමිකරු සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයේ දේශපාකයෙකුගේ රැකවරන ලබන අයෙකු බවටද හදුනා ගෙන ඇති අතර සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.