උසස් පෙළ විභාගය අතරතුරදී ශාලාධිපතිගෙන් සිසුවියන්ට බාධා

මේ දිනවල පැවැත්වෙන උසස් පෙල විභාගයට පෙනි සිටි හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් විභාගය ලියමින් සිටින අවස්තාවේ එම ශාලාවට පත් කර සිටි අතිරේක ශාලාධිපතිවරයෙකුගෙන් බාධාවක් පැමිණ ඇති බව ශ්‍රි ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා චෝදනා කර සිටියි.

එම පාසලේ පළමු ශාලාවේ සිසු සිසුවියන් 159 දෙනෙකු ඊයේ (18) විභාගය ලියමින් සිටින අවස්තාවේ එම අතිරේක ශාලාධිපතිවරයා හදිසියේම සිසු සිසුවියන් කිහිප දෙනෙකු පරික්ෂාවට ලක් කිරිම නිසා සිසු සිසුවියන්ගේ උත්තර පත්තර ලිවිමේ කටයුතුවලට බාධාවක් වි ඇති බවත්, ඒ තුලින් සිසු සිසුවියන්ට මානසික පිඩාවක් ඇති වි ඇති බවත්, ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

විභාග ශාලාධිපතිවරයාට හෝ අතිරේක ශාලාධිපතිවරයාට සිසු සිසුවියන් එවැනි පරික්ෂාවට ලක් කල හැක්කේ විභාගය ආරම්භ විමට ප්‍රථම බව ජෝශප් ස්ටාලින් මහතා කියා සිටින්නේ.

විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට සිදු වුවායි කියන බාධා කිරිම සම්බන්ධයෙන් එම සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ විභාග කොමසාරි ජෙනරාල් වරයාට පැමිණිලිකර ඇත.

මෙම බාධා කිරිම සම්බන්ධයෙන් තම සංගමයටද ලද පැමිණිලි කිහිපයක් මත එම සිද්ධිය සම්බන්ධයෙන් තම සංගමයද විභාග කොමසාරි ජෙනරාල්වරයාට පැමිණිලි කල බවශ්‍රී ලංකා අධ්‍යාපන හා සමාජ සේවා සංගමයේ ලේකම් සංකර් මණිවන්නන් මහතාද පවසයි.