ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (27) තවදුරටත් අවප‍්‍රමාණය වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රකාශයට පත් කළ විනිමය අනුපාත අනුව ඩොලරයක විකිණුම් මිල ඊයේ දිනයේ සටහන් වූයේ රුපියල් 160.30ක් ලෙසයි.

ඩොලරයක ගැනුම් මිල රුපියල් 159.10ක් ලෙස සටහන් වුණා. ඉකුත් සිකුරාදා දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල වාර්තාවූයේ රුපියල් 162.11ක් ලෙසයි.