ආසියානු කුසලානයට චන්දිගේ එක්වීම වැට උඩ

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම වෛද්‍ය වාර්තාවෙන්. පසුව තීරණය වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ විස්සයි20 ලීග තරගාවලියේදී ශූරතාව දිනාගත් කොළඹ කණ්ඩායමේ නායකයාද වූ චන්දිමාල් එම තරගාවලියේදී ඇගිල්ලක ආබාධ්‍යකට ලක්විය.

ඒ අනුව ඔහුට මේ සතියේදී වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට නියමිත අතර එයින් ලැබෙන වාර්තාව අනුව ඔහුගේ සහභාගීත්වය තීරණය වෙනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරගාවලිය එළැඹෙන 15 දා ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම 11 දා තරගාවලියට එක්වීමට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ බිරිඳ සිය පළමු දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින හෙයින් ඔහුද තරගාවලියේ පළමු තරග කිහිපය සඳහා එක්නොවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.