20 යටි අරමුණ ගැන විමල් හෙළි කරයි

උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීමට විරුද්ධ වන දෙමළ බෙදුම්වාදී නායකයන් අද උතුරේ ඉන්දියාවේ. පවුල් ගෙනැවිත් පදිංචි කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

නෙදුර්කර්නි ප්‍රදේශයේ ලම්මානයක් ඇති කර එහි පවුල් 1500 ක් පදිංචි කර ඇති අතර ඉන් පවුල් 250 ක් ඉන්දියානුවන් බවත් ඉන්දියානුවන් මෙහි ගෙනැවිත් පදිංචි කරන්නේ ඔවුන්ට අවශ්‍ය රූකඩ පාලකයින් නිර්මාණය කර ගැනීමට බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ බෙදුම්වාදයට විරුද්ධ න්‍යාය පත්‍රයක් රඟ දැක්වූ බවත් අද වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය අදිරාජ්‍යවාදී භූමිකාව බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනැවිත් අස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය කර අස්ථාවර පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාව තෝරාපත් කර ගැනීමට බලය ලබාදී එම ජනාධිපතිවරයා ඡන්ද 113 ක් ලබා නොගත හොත් සිදුවන්නේ කුමක් දැයි නොදන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

මහජනයා තමන් සතු විධායක බලය ජනාධිපතිවරයාට ලබාදෙන බවත් ජනාධිපතිවරයා සතු විධායක බලය ආණ්ඩුකාරවරුන් විසින් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සතු විධායක බලය ක්‍රියාත්මක නොකරනවා නම් ආණ්ඩුකාර වරයාට බලය අහිමිවන බවත් ඒ තුළින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතාට අවශ්‍ය වුවමනාව ඉටුවන බවද ඒ මහතා පැවසීය.

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා දෙමළ බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ හොර පාරින් සිදු කිරීමක් බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.