චන්දිමාල් ආසියානු කුසලානයෙන් ඉවතට

ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය සංවිධානය කළ විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වූ දිනේ්ෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.

තරගාවලියේ ශූරතාව දිනාගත් කොළඹ කණ්ඩායමේ නායකයා වූ චන්දිමාල් තරගයක් අතර තුළදී ඇගිල්ලේ ආබාධයකට ලක්විය.

ඒ අනුව ඔහුට තවදුරටත් විවේකය අවශ්‍ය බවට වෛද්‍ය නිර්දේශනය අනුව චන්දිමාල් ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කර ඇත.

ඔහු වෙනුවට කඩලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.

තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.