‘ගෙදර හිටිය රෝස කැකුළු’ සිංදුව ශ්‍රෙයා ගෝෂාල් කිව්ව විදිහ

බොලිවුඩ් සිනමාවේ පසුබිම් ගායිකාවක ලෙස ලෝකයේම ආදරය දිනාගත් ශ්‍රෙයා ගෝෂාල්ගේ සජීවී ගී ප්‍රසංගයක් පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඇයට ආදරය කරන ලාංකික රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද මෙම සජීවී ප්‍රසංගය පැවැත්විණි. එච්.ආර්. ජෝතිපාලයන්ගේ 'ගෙදර හිටිය රෝසා කැකුළ රෝසා' ගීතයද ඇය එහිදී ගායනා කළාය.