ශූරයෝ ජනපති හමුවෙයි

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති. කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු විය.

එම කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශීංසන පිළිගැන්වී ය.

තරඟාවලියේ දී කැපී පෙනන දස්කම් දක්වමින් ශී‍්‍ර ලංකා මාතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබඳව ද මෙහිදී කී‍්‍රඩිකාවන් වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

එමෙන්ම එම කටයුතු සඳහා රජයෙන් ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක්ම ලබාදෙන බවද ප‍්‍රකාශ කළේය.

මේ අතර 2018 කැරම් ලෝක ශූරතාවලිය හිමිකරගත් ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ කාන්තා අනුශූරතාවය හිමිකරගත් ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු විය.

මේ අතර 2018 කැරම් ලෝක ශූරතාවලිය හිමිකරගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ කාන්තා අනුශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

ඔවුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් සියලුදෙනා වෙත සිය සුභාශීංසන පිළිගැන් වූ වේය.