ඇමති විරුද්ධ වුණත් බස් ගාස්තු ඉහළ දමනවා – බස් සංගම් අනතුරු අඟවයි

බස් ගාස්තු ඉහළ නැංවීම සඳහා ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අනුමැතිය ලබා දෙනු ඇතැයි අපේක්‍ෂා කරන. බව බස් සංගම් පවසනවා. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පැවසුවේ ප‍්‍රවාහන අමාත්‍යවරයා ඊට එරෙහි වුවද තමන් බස් ගාස්තු ඉහළ දමමින් ධාවනයේ යෙදෙන බවයි. මේ එම සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන පී‍්‍රයන්ජිත්.

බස් ගාස්තු සියයට 10 කින් පමණ වැඩි කළ යුතු බවයි බස් සංගම් යෝජනා කර ඇත්තේ. ඞීසල් මිළ නැවතත් වැඩි කිරිම නිසා මෙලෙස යළි බස් ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය ලබාදෙන ලෙස බස් සංගම් ප‍්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉකුත්දා ඉල්ලීමක් කළා. අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර පවසන්නේ අමාත්‍යවරයාගේ තීරණය කුම්ක්දැයි බලා සිටිනා බවය. ඉන්ධන සහනාධාරයක් නොලැබෙන්නේනම් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි ඔහුද පවසන්නේ.

බස් ගාස්තු සඳහා මිල සූත‍්‍රයක් කඩිනමින් ගෙන ඒමට ප‍්‍රවාහන අමාත්‍යාංශ බලධාරින් කටයුතු නොකරන්නේ නම් වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් අරඹන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති
ගැමුණු විජේරත්න. පැවසුවේ.