අගමැති සහ හිටපු ජනපති යළි දිවයිනට

වියට්නාමයේ පැවති ආසියාන් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු. පිරිස ඊයේ රාති‍්‍ර 10.15ට පමණ දිවයිනට පැමිණියා. මෙම සමුළුවට සහභාගිවීම හේතුවෙන් අග‍්‍රාමාත්‍යවරයාට ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමටද සහභාගිවීමට හැකි වූයේ නැහැ. දින 3 ක් පුරා පැවති ආසියාන් රාජ්‍ය නායක සමුළුවේදී අග‍්‍රාමාත්‍යවරයා රටවල් කිහිපයක නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වුවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සිය ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (13) රාත්‍රී 10.30 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.