වරදක් කර ඇත්නම් දැඩි දඬුවම් – නි. පොලිස්පති ගැන නි. ඇමති කියයි

ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි චෝදනා පිළිබඳ පරික්ෂණ රාජ්‍ය බුද්ධි අංශය. වෙත භාර දී තිබෙනවා. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර සමග නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදු කරන දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි පරික්ෂණ පිළිබඳ නිතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසුවේ චෝදනාව බරපතල බවයි. ඉක්මනින්න විමර්ශනය කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් දෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පරීක්ෂණ අවසන්වීමෙන් පසු ඇත්ත නැත්ත සොයාගෙන වරදක් කර ඇත්නම් ඊට දැඩි දඬුවම් පමුණවනබව පැවසුවා.

ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ මෙම කි‍්‍රයාව හේතුවෙන් පොලීසිය පිළිබද විශ්වාසය තැබිය නොහැකි බවයි ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ පැවසුවේ. මේ හේතුවෙන් පොලීසිය වර්ජනය කිරීමටද ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ සදහන් කළා.