ජනපතිවරණයට රාජපක්ෂ සහෝදරයෙක් දැමීම ජනතා ඉල්ලීමක්! මමත් කොණක ඉන්නවා

ඉදිරි ජනාධිපතිවරණයට තම සහෝදරයකු තරග කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේ. එවන් ජනතා ඉල්ලීමක් ඇති බැවින්යැයි, මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පවසනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා පිළිබඳ සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

“මහින්ද මහත්තයට තරග කරන්න කියල ජනතාව කියනව. එහෙම බැරිනම් මහින්ද මහත්තයා කැමති සහෝදරයෙක් ඒ සඳහා ඉදිරිපත් කරන්න කියනව. ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා, බැසිල් රාජපක්ෂ ඉන්නවා, මමත් කොණක ඉන්නවා. කවුද කියන එක නෙවෙයි, තව තවත් ප්‍රශ්න තියෙනවානේ. ගැලපෙන කෙනෙක් ඒ වෙලාවට තීරණය කරයි”