20 එජාපයේ කොන්ත්‍රාත්තුවක් – ලක්ෂ්මන් යාපා

ජනතා විමුක්ති පෙරමුණ 20වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක්. ඉටු කිරීම සඳහා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

19 ය සංශෝධනය කර ගැනීමට අධිකරණය ඉඩ නොදුන් දෙය 20 වැනි සංශෝධනය හරහා කිරීමට එජාපයට වුවමනාව වී ඇති බවද ඔහු කීය.

විධායක ජනාධිපති ක්‍රමය මගින් ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වන අනතුරක් පිළිබඳව රටම කතා කළ නිසා ඊට පිළියම් ලෙස ගෙනා 19 වැනි සංශෝධනයට ඡන්දය දුන් බව පැවසු මන්ත්‍රීවරයා අද තමන් ඒ පිළිබඳව කණගාටු වන අතර එය වරදක් යැයි පිළිගන්නා බවද කීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (13) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.