කඳවුරෙන් පැන්න සෙබළෙක් ගම්වාසීන් අල්ලයි

කිලිනොච්චිය, පූනකරී, කරියාලෙයිනායකපඩුවාන් ප්‍රදේශයේ නිවාස අතර සැඟව සිටි යුද හමුදා සාමාජිකයෙකු. ගම්වාසීන් අල්ලා පොලීසිය වෙත බාරදුන් බව මුලංකාවිල් පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ ඊයේ(13) අදාළ ගම්මානය ආසන්නයෙ යුද හමුදා කඳවුරකින් පැන ගොස් ගම්මානයේ සැඟව සිටි යුද හමුදා සාමාජිකයෙකු එලෙස අල්ලා ගම්වාසීන් පොලීසිය වෙත බාරදුන් බවයි.

අදාළ සැකකරු මීට පෙරද යුධ හමුදාවෙන් පැනගොස් ඇති අතර, කදවුරෙන් පැන ගොස් ගම්මානයේ සැඟව සිටියදී ගම්වාසීන් අල්ලාගෙන අනතුරුව පොලීසිය දැනුවත් කොට ඇති බවද පොලීසිය පැවසීය.

පොලිසිය අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා පොලීසිය දැණුවත් කොට සැකකරු ඔවුන් වෙත බාරදුන් බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලංකාවිල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.