සැමියාගේ උදලු පහරින් අවසන් වූ බිරිඳගේ ජීවිතය

උදැල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළැයි සැකපිට ඇගේ සැමියා අත්අඩංගුවට ගත්බව ගිරාදුරුකෝට්ට පොලීසිය පවසයි.

ඊයේ (13) සවස 5.30 ට පමණ මෙසේ ඝාතනය වී ඇත්තේ ගිරාදුරුකෝට් අගලඔය පදිංචිව සිටි නිරෝශා සුභාෂිනී දිසානායක නැමති 24 හැවිරිදි එක් දරුමවකි .

නිවස තුලදීම මෙම පහරදීමෙන් පසු අසල්වැසියෙන් විසින් ගිරාදුරුකෝට්ට රෝහලට රැගෙන යමින් සිටියදි මියගොස් ඇත.

සැකකරු කලක් ඉන්දන පිරවුම්හල ක රැකියාවකර ඇත අතර පසුව කුලිවැඩ කර ඇතැයිද හෙලවී ඇති අතර සිද්ධියෙන් පසු සැකකරු සිය දිවිනසා ගැනීමට තැත් කර ඇත බවද පොලිසියි පවසයි.

පවුල් ආරවුලක් දුරදිගගොස් ඇතිවු බහින් බස්විමකින් පසු මෙම ඝාතනය සිදුවි තිබේ.

බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත සහ සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස්මත ගිරාදුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් අංගම්මන මහතාගේ මෙහෙයවීමෙන් ගිරාදුරුකෝට්ට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.