වැල්ලවායේ සීග්‍රයෙන් පැතිරෙන රෝගයක් – දිනකට හැට හැත්තෑවක් රෝහල්ගත කෙර

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ කුඩා දරුවන් පාසල් දරුවන්ට සහ ඇතැම් වැඩිහිටි පිරිස් වෙත මේ දින වල වමනය, උණ සමග පාචනය රෝගයක් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. මෙම තත්ත්වය ප්‍රදේශයේ පාසල් ආශ්‍රිතව වේගයෙන් පැතිර යන අතර මෙම රෝගය මාස පහක පමන කුඩා දරුවන් ටද හටගෙන ඇති බව සදහන්.

රෝගී තත්ත්වය නිසා පාසල් ලමුන් පාසල් වෙත එවීමට දෙමාපියන් මේ දිනවල කටයුතු නොකිරීමෙන් පාසල් වල කටයුතු වලටද බධා පැමින තිබෙනවා.

අප මේ සම්බන්ධයෙන් වැල්ලවාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටීයේ රෝගය වෛරයක් මගින් බෝ වන අතර උණුකර නිවාගත් ජලය පානය, නිවස තුල සදාගත් ආහර පමණක් භාවිතය යන කරුණු තුලින් මෙම රෝගි තත්ත්වය පාලනය කර හැකි බවයි. එක් දිනකට අවම වශයෙන් රෝගීන් හැටක් පමණ නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළුත් වීමට පැමිණෙන බව ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා.