අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක ගමන් ගත් 4ක් මරුට

ඕමන්ත, පන්ද්‍රින්කේන්ද්‍රකුලම් ප්‍ර දේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක ගමන් කළ කාර් රථයක් දුම්රිය ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ අද උදෑසන 10.30ට පමණ මෙම මෝටර් රථය ගැටී තිබේ.අනතුරින් තවත් දෙදෙනෙක් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.