MV Viking Orion නෞකාව කොළඹ වරායට

අධි සුඛෝපභෝගී මගී නෞකාවක් වන MV Viking Orion නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ. එම නෞකාව මැලේසියාවට යාත්‍රා කරමින් සිටින විට පසුගිය 13 දා කොළඹ වරායට පැමිණ ඇත.

නෞකාව හෙට දිනයේදී මැලේසියාවේ පේනැන්ග් වෙත සේන්දු වීමට නියමිතය. නෝවේ රාජ්‍ය ධජය යටතේ ගමන් කරන මෙම නෞකාව මේ වසරේදී නිපදවා ඇත. මීටර් 221කින් දිගකින් යුත් මෙම නෞකාව මීටර් 34ක පළලකින් යුක්තය.