2020 තීරණාත්මක බලවේගය මගේ නව පක්ෂය – තිස්ස

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණාත්මක බලවේගය බවට පත්විම තමන් පිහිටුවන නව පක්ෂයේ අරමුණ බව. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ නව පක්ෂය බිහිකිරීමේ කටයුතු ඉතා කඩිනමින් සිදුකරන බවයි.

සිය පක්ෂය සම්බන්ධයෙන් රාමඤ්ඤ මහ නිකායේ මහනායක අති පුජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පල කළේය.