19 මට ගැටලුවක් නෙමෙයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමාට ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද රටට අවශ්‍ය සංශෝධනයක් නොවන බවයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) උදෑසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයටයි.

එහිදී විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.