මහින්දට නැවතත් ඉන්දියාවේ පිළිගැනීමක් තිබීම ගැන සතුටුයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාව තුළ නැවත පිළිගැනීමක් ඇති වීම පිළිබඳව සතුටුවිය යුතුබව. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) බොරලුගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

දිවංගත අමාත්‍ය ඉන්දික ගුණවර්ධන මහතාගේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ගුණසැමරු උත්සවක් ඊයේ කොස්ගොඩ බොරලුගොඩ ප්‍රදේශයේදී පැවත් විය.

එහිදී ඉන්දික ගුණවර්ධන මහතා වෙනුවෙන් ඉදිකෙරුණු ස්මාරකය විවෘත කර පුෂ්පෝපාහාර දැක්වීමද කළේය.