බන්දුල පමුණුව යයි

ආනයනික රෙදි සඳහා විශාල වශයෙන් බදු පැනවීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ගැටලු. රැසකට මුහුණදීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

පසුගිය අගෝස්තු 16 වැනිදා සිට ආනයනික රෙදි සම්බන්ධයෙන් වූ බදු ප්‍රතිපත්තියේ වෙනස් වීමත් සමඟ දේශීය රෙදි පිළි නිෂ්පාදනයට එය බලපාන ආකාරය පිළිබදව පමුණුව ප්‍රදේශයේ රෙදි වෙළෙඳුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඊයේ (15) ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළේය.

ආනයනික රෙදි කන්ටෙනරයක් නිදහස් කිරිම සඳහා විදම් වු මුදලට වඩා වර්තමානයේ ලක්ෂ 20ත් 25ත් අතර මුදලක් වැඩිපුර ගෙවීමට සිදු වන බවද මන්ත්‍රිවරයා පැවසීය.

මෙලෙස බදු අයකිරිම හේතුවෙන් ඉදිරියෙදි රෙදි ආනයනය කරමින් නිෂ්පාදන කටයුතු සිදු කරන වෙළඳුන් සහ එම කර්මාන්තය කඩා වැටෙන බවද මන්ත්‍රිවරයා පැවසීය.

එමෙන්ම මෙරට නිෂ්පාදනවලට වඩා ආනයනය කරන නිමි ඇඳුම්වල අගය අඩු විය හැකි බවද මන්ත්‍රිවරයා පැවසීය.