සහෝදරයෙක් ජනාධිපති අපෙක්ෂකයා වන බව මහින්ද කිව්වේ නෑ

ආණ්ඩුව පෙරලීමට ඉදිරියේදී ඉන්දියාවේ සහය හිමිවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු. මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව කඩා වැටෙන බව වැටහෙන බැවින් ඉන්දියාව මෙලෙස ක්‍රියා කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

තම සහොදරයෙක් ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත්වන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා නොමැති බවත් ඔහු පවසා ඇත්තේ තම සහොදරයෙකුට මෙන්ම වෙනත් කෙනෙකුටද ඒ සඳහා ඉදිරිපත් විය හැකි බව පමණක් බවත් ද මන්ත්‍රිවරයා මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පැවසිය.