පොළොන්නරුවේ පුතෙක් පියාට පොල්ලෙන් ගහද්දී කැළණියේ පියා පුතාට පිහියෙන් අනී

පුතෙකු විසින් සිය පියාට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා. වීරසිංහ ගෙදර හීංබණ්ඩා නැමැති පියා සිද්ධියෙන් බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.

ඊයේ (22) සවස මෙම සිද්ධිය ඇති වී තිබෙන අතර නිවසක් තුළ ඉඩම් ආරවුලක් දුරදිග ගොස් මෙම පහරදීම සිදු කර තිබෙනවා.

ඝාතනය සිදු කළ පුතා පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

මේ අතර කැළණිය බොල්ලෑගල ගෝනවල ප්‍රදේශයේ නිවසකදී ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් පියා විසින් තම පුතාට පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පුතා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ තරුණයෙක්. සැකකාර පියා සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

ඊයේ (22) රාත්‍රි 7.00ට පමණ මෙම සිද්ධිය ඇති වී තිබෙනවා.