ලැගුම්හලේ සැඟවුණු ගණිකා නිවාසයක් වටලයි

දංකොටුව දුම්මලකොටුව ප්‍රදේශයේ ලැගුම්හලක ගණිකා සේවයේ නිරිත විමට සිටි බව කියන තරුණ කාන්තාවන් සිව් දෙනකු සහ ලැගුම් හලේ කළමනාකරු පෙරේදා (22) රාත්‍රි අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය පවසයි.

රත්නපුර, අනුරාධපුර සහ කිඹුලාපිටිය ප්‍රදේශයේවල පදිංචි අවුරුදු 30 ත් 40 වයස්වල කානතාවන් සිව් දෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් ලැගුම්හලේ කළමනාකරු දංකොටුව ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලීසිය පවසයි.

ලැගුම් හලක් මුවාවෙන් ගණිකා සපයන ස්ථානයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිස් උපාය දුතයකු යොදවා කාන්තාවක් රුපියල් 3000 ක මුදලකට ලබා ගැනිමට සලස්වා වැටලිම කල බව පොලීසිය පවසයි.

දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් අනුව පොලිස් කණ්ඩායමක් වැටලීම දියත් කර තිබේ.