චීන කාන්තාව උඩු මහලෙන් වැටී මරුට

නුවරඑලිය සංචාරයක් සඳහා පැමිණි චීන ජාතික කාන්තාවක් ඇය නවාතැක් ගෙන සිටි සංචාරක නිකේතනයෙන් පහලට වැටී ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලීසිය පැවසීය.

මෙම කාන්තාව තවත් චීන සංචාරක පිරිසක් සමඟ නුවරඑලියේ සංචාරයක් සඳහා ඊයේ (22) පැමිණ ඇති අතර, ඇය අද (23) උදැසන 9.00 ට පමණ සංචාරක නිකේතයේ තුන්වෙනි මහලේ ආලින්දය අසල සිරි නරඹමින් සිටියදි බිමට ඇද වැටි බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසිය කියා සිටියේය.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි කාන්තාවගේ හිසට බරපතළ ලෙස තුවාල සිදු වි ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය චීන කාන්තාවගේ සිරුර නුවරඑලිය මුලික රෝහලේ තැන්පත් කර ඇත.