ජනපති ඝාතන කුමන්ත‍්‍රණ සිද්ධිය ගැන අමරවීර කතා කරයි

ජනපති ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්ණ. කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට පැවැති ජන හමුවක් අමතමින්.

මෙම ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ආණ්ඩුව සමග එක්ව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් කිසිඳු ප‍්‍රකාශයක් සිදු කර නොමැති බව ආණ්ඩුවෙන් ඉවත් වූ එම පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිස ඉකුත් දා ප‍්‍රකාශ කළා. ඊටද අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.

ඒ “මම තමයි පළවෙනියට කිව්වේ ඒ නියෝජ්‍ය පොලිස්පතිව මාරු කරලා හෝ වෙනත් කටයුතුත්තක් නෙමෙයි..අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන්න ඕනේ කියාල. ඒක තමයි පොලිසියේ සහ රජයේ වගකීම වෙන්නේ.” යනුවෙන්.