රට පාලනය කළ සියලු පක්ෂ රට ආර්ථික අගාදයකට දැම්මා

මෙතෙක් රට පාලනය කළ කිසිඳු පක්ෂයකට රට ගොඩනැගිමට හැකියාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ වසර 70ක් පුරා රට පාලනය කළ දේශපාලන පක්ෂ රට ආර්ථික වශයෙන් අගාදයකට ඇද දමා ඇති බවයි.

කළුතර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.