තංගල්ලේ වෙඩි තැබීමක්

තංගල්ල රන්න වාඩිගල ප‍්‍රදේශයේ අද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. මියගොස් ඇත්තේ 42හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මිය ගොස් ඇත්තේ තංගල්ල ප‍්‍රදේශයේ වාහන සේදුම් මධ්‍යස්ථානයක හිමිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. තංගල්ල පොලීසිය මගින් වැඩිදුර පරික්ෂණ කි‍්‍රයාත්මකයි.