ඉන්දියා – ඇෆ්ගනිස්තාන තරගය සමවෙයි

ආසියානු කුසලාන තරගාවලියේ මේ වන විට පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව තිබෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉන්දීය කණ්ායම හා පැවැති තරගයද ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය ලකුණු 252ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමටද රැස්කළ හැකිවූයේ ලකුණු 252ක් පමණි.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ආරම්භක පිතිකරු මොහොමඩ් සහසාඩ් ලකුණු 124ක් රැස්කිරීමට සමත්විය.

ඉන්දියාව වෙනුවෙන් පළමු කඩුල්ලට සාර්ථක ලකුණු 110ක සබඳතාවක් පැවැත්වීම රායිදු හා රාහුල් සමත්වුවත් එම ආරම්භය ඉදිරියට ගෙන යෑමට අනෙකුත් පිතිකරුවන් අපොහොසත්විය.