සංවර්ධනය පසෙකලා ආණ්ඩුව කරන්නෙ පළිගැනීම පමණයි

වත්මන් ආණ්ඩුව රට සංවර්ධනය කිරීම පසෙකලා දේශපාලන පළිගැනීම්හි නිරතවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෙසේවෙතත් තමන් ඇතුළු පිරිස තවමත් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බව ඒ මහතා පෙන්වා දෙන්නේය.

කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියාය.