උතුරේ ඉන්නෙත් පාතාල කණ්ඩායමක්

උතුරේ නැවතත් සන්නද්ධ අරගලයක නැගිටීමක් ඇති බව මවා පෙන්වීමට ඇතැමුන් උත්සාහ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

ඊයේ (25) ගාල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව පැවසීය.

දකුණේ බිහි වී ඇති පාතාල කල්ලි සේම උතුරේද යම් පිරිසක් ක්‍රියා කිරිමට පෙළඹ ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් මන්ත්‍රිවරයා පැවසුවේ පොලිස්පතිවරයාට යම් පිරිසක් බියෙන් පසු වන බවත් එම නිසා ඔහුට විරුද්ධව කටයුතු කිරිමට එම පිරිස පෙළඹි ඇති බවත් ය.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පැමිනිල්ලක් සිදු කිරිමට අවශ්‍ය නම් පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළ හැකි බවත් එ් අනුව කටයුතු කළ හැකි බවත් මන්ත්‍රිවරයා පැවසීය.