ඉන්දුනීසියාවට සුනාමියක්

ඉන්දුනීසියාවේ වෙරළා සන්නයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනයෙන් ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති වී තිබෙන අතර, ප්‍රදේශයේ ජීවිත 30ක් දැනටමත් අහිමිව තිබේ.

සුලවේසි දූපතේ පාලූ ප්‍රදේශය වෙත මීටර් 2ක් පමණ උසින් යුතු උදම් රළ පැමිණ ඇති අතර, ජනතාව කෑමොර දෙමින් පළායන ආකාරය සහ මුස්ලිම් දේවස්ථාන ඇතුළු ගොඩනැගිලි කඩා වැටී ඇති ආකාරය දැක්වෙන දසුන් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

පසුගිය මාසයේදී ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පන වැළක් අති වූ අතර, අගෝස්තු 5දා ඇති වූ ප්‍රබලතම භූ කම්පනයෙන් පුද්ගල ජීවිත 460කට වඩා අහිමි වූහ.

සහන මෙහෙයුම් දැනටමත් ආරම්භ කර තිබුණත් සන්නිවේදනය බිඳවැටී පාලූ ප්‍රදේශය වෙත ඇතුළු වන මාර්ග අවහිර වී ඇති බව ඉන්දුනීසියානු රජය පවසයි.

මේ අතර, ප්‍රංශ පුවත් සේවය පවසා සිටියේ මියගිය පිරිස වැඩිවිය හැකි බවයි. මරණ භූ කම්පනය හේතුවෙන් සිදුවූවාද, නැත්නම් සුනාමි තත්ත්වයෙන් සිදුවූවාද යන්න පැහැදිලි නොමැති බවද එම ඒජන්සිය පවසා තිබේ. වෙරළා සන්නයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනයෙන් ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති වී තිබෙන අතර, ප්‍රදේශයේ ජීවිත 30ක් දැනටමත් අහිමිව තිබේ.

සුලවේසි දූපතේ පාලූ ප්‍රදේශය වෙත මීටර් 2ක් පමණ උසින් යුතු උදම් රළ පැමිණ ඇති අතර, ජනතාව කෑමොර දෙමින් පළායන ආකාරය සහ මුස්ලිම් දේවස්ථාන ඇතුළු ගොඩනැගිලි කඩා වැටී ඇති ආකාරය දැක්වෙන දසුන් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

පසුගිය මාසයේදී ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පන වැළක් අති වූ අතර, අගෝස්තු 5දා ඇති වූ ප්‍රබලතම භූ කම්පනයෙන් පුද්ගල ජීවිත 460කට වඩා අහිමි වූහ.

සහන මෙහෙයුම් දැනටමත් ආරම්භ කර තිබුණත් සන්නිවේදනය බිඳවැටී පාලූ ප්‍රදේශය වෙත ඇතුළු වන මාර්ග අවහිර වී ඇති බව ඉන්දුනීසියානු රජය පවසයි.

මේ අතර, ප්‍රංශ පුවත් සේවය පවසා සිටියේ මියගිය පිරිස වැඩිවිය හැකි බවයි. මරණ භූ කම්පනය හේතුවෙන් සිදුවූවාද, නැත්නම් සුනාමි තත්ත්වයෙන් සිදුවූවාද යන්න පැහැදිලි නොමැති බවද එම ඒජන්සිය පවසා තිබේ.