දින 10 කදී 12ක් බිලි

දිස්ත්‍රික්ක 16කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින 10ක කාලය තුළදී පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවේ. මේ මස පළමුවැනි දින සිට ඊයේ (10දා) දහවල් 12.00 දක්වා කාලය තුළදී මෙම මරණ ප්‍රමාණය වාර්තාවී තිබෙන අතර එම කාලය තුළදී 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම කාලය තුළදී නිවාස 2000කට හානි සිදුව තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම මරණවලින් මරණ 06ක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙනි.