විග්නේෂ්වරන්ගෙන් දෙමළ සන්ධානයට කොන්දේසියක්

එළඹෙන අයවැයට සහය දීම සඳහා එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීමේ කොන්දේසිය දෙමළ ජාතික. සන්ධානය රජයට ඉදිරිපත් කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා පවසයි.

උතුරු පළාත් මහ ඇමති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.

උතුරු පළාත් දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන සාමාජිකයින් සමග පසුගිය(12) උතුරු පළාත් මහඇමති සි.වි.විග්නේෂ්වරන් මහතා සාකච්ඡාවකට එක් වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා මෙසේ පැවසීය

“කරුණා අම්මාන් වගේ අය දීපු අණ ක්‍රියාත්මක කරපු තරුණයින් අවුරුදු 18 ක් 19 ක් විතර කාලයක් හිරේ ඉන්නවා. ඒත් අණ දිපු අය එළියේ ලස්සනට ඉන්නවා. මේක ජනතාව ඉදිරියට ගෙනියන්න ඕන කියලා අපි තීරණය කළා.

ඉදිරියේදි තියෙන අය වැය විවාදයේදි තීරණයක් ගනිද්දි දෙමළ සිරකරුවන් වහාම නිදහස් කළේ නැත්නම් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන්න කියලා රජයට දැනුම් දෙන්න කියලා කියන්න සිවිල් සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවේදි අපි තීරණය කළා.“