සුජීව අපෙන් කොමිස් ඉල්ලුවා

අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට අවසර දීම සඳහා තම සමාගමෙන්. රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා කොමිස් මුදල් ඉල්ලා සිටි බව ඊයේ(13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ නියෝජිතයින් පවසයි.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙම සමාගමේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේය.

මේ අතර සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවීක්‍රම මහතාද පාර්ලිමේන්තුවේ දි පසුගියදා මේ සම්බන්දයෙන් අඳහස් පල කළේය.