ව්‍යවස්‌ථා දායක මණ්‌ඩලයට 9 දා අනුමැතිය

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා පත් කිරීමට යන ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට අනුමැතිය ලබා ගැනිම පිණිස පසුගියදා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව පෙබරවාරි මස 9 දා සම්මත කර ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ මාධ්‍යට පවසා ඇත.

මෙම යෝජනාව ජනවාරි 12 දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබූ අතර එය සම්මත කිරීම ජනවාරි මස 26 දා සිදු කිරීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්‌වීමේදී තීරණය කොට තිබුණි.

එහෙත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක්‌ අනුව පෙබරවාරි 4 දා පැවැත්වෙන නිදහස්‌ දින උළෙලින් පසු මෙම යෝජනාව සම්මත කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු පවසා ඇත.

මේ අතර ව්‍යවස්‌ථාදායක මණ්‌ඩල යෝජනාව 2/3 ඡන්දයෙන් සම්මත කර ගැනීම සඳහා ආණ්‌ඩුව මේ දිනවල කටයුතු කරගෙන යයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ සිය නිවසේදී ආණ්‌ඩුවේ ශ්‍රී ලනිප ඇමැතිවරුන් සමග මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබේ.

Leave a Reply