ප්‍රදේශ රැසකට හවසට වැස්ස

දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් වල විටින් විට වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දිවයින වටා මුහුදේ කාලගුණය සලකා බැලීමේදි පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි ඇතිවෙන බවත්,

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම 5.30ට නිකුත් කළ නිවේදනයේ වෙයි.

එසේම කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් වෙයි.

Leave a Reply