හිමකුණාටුවකින් අමෙරිකාවේ 17 ක් මරුට

අමෙරිකානු එක්සත් ජනපදයේ නිව්යෝර්ක් සිටි ප්‍රදේශයට දරුණු හිම කුණාටුවක් පතිතවීමෙන් එහි දෛනික ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

හිම කුණාටුවත් දැඩි සුළං වේගයත් හේතුවෙන් සිදුවූ අනතුරුවලින් අවම වශයෙන් 17 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වී ඇතැයිද, නිව්යෝර්ක් සිටි,වොෂිංටන් ඇතුළු ප්‍රාන්ත 11 ට මෙම තත්ත්වය බලපා ඇති බවත් ද ටෙලිග්‍රාප් පුවත් සේවය වාර්තා කරයි.

නිව්යෝර්ක් සිටි වල සිට ගුවන් ගමන් ඇරඹීමට නියමිතව පැවති සියලුම ගුවන් ගමන් වාර අවලංගු කර ඇති අතර ගුවන් සමාගම් සමග පවත්නා සන්නිවේදන සබඳතා ඇණහිට තිබේ.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර අත්‍යවශ්‍යතාවක් හැරුණු විට මාර්ගයේ ගමන් නොගන්නා ලෙස ආරක්ෂක අංශ විසින් දැනුම්දී ඇති අතර එය ගාණකට නොගෙන ක්‍රියාකරන්නන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇතැයි සඳහන්ය.

කෙන්තුකී සහ පෙන්සිවානියා ප්‍රදේශවල නිවාස දස දහස් ගණනක විදුලිබලය අක්‍රියවී ඇති අතර පැය 12 ට වැඩි කාලයක් තිස්සේ දුරකථන සන්නිවේදනය ඇණහිට ඇතිවා මෙන්ම මාර්ග දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවද වාර්තා වෙයි.

දකුණු කෙන්තුකී ප්‍රදේශයේ කි.මී 56 ක් දිගු රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවත්,අයහපත් කාලගුණික තත්ත්වයෙන් මාර්ගය ඇපැහැදිලිවීමෙන් සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව සිය ගණනක් බවත් වාර්තාවන අතර උතුරු දකුතා ප්‍රදේශයේ මේරි විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා ඇති බවද බී.බී.සී පුවත් සේවය පවසයි.

Leave a Reply