ට්‍රම්ප්ගේ රන් ආලේපිත මෝටර් රිය

අනවසරයෙන් අතපාත ගාන අයට විදුලි සැර

අමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුර කාලයේදී භාවිතා කිරීම සඳහා රන් ආලේපිත විශේෂ මෝටර් රථයක් නිපදවාගෙන ඇත.

අතිශයින් සුඛෝපභෝගී පෞද්ගලික අවශ්‍යතාවයන්ට ගැළපෙන සේ නවීන ආකාරයේ හමුදා මාදිලියේ මෝටර් රථ නිපදවීම පිළිබඳව විශාල ප්‍රසිද්ධියක් ඇති ලැටිවියානාර් ඩාර්ට්ෂ් මෝටර්ස් සමාගම එම මෝටර් රථය නිපදවා ඇත. මර්සිඩීස් බෙන්ස් ජී. එල්. වර්ගයට අයත් එම රථයට අශ්වබල 1500 ක හැකියාවක් ඇති අතර එහි විශේෂත්වය වන්නේ අනවසරයෙන් අතගාන කෙනෙකුට විදුලිසැර වැදීමයි. (ජී. ආර්.)