බේකරි නිෂ්පාදන මිල වැඩිවෙයි

make-money-468x60-2

බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉදිරියේදී ඉහළ යනු ඇතැයි සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා මාධ්‍යට ඊයේ (30) පැවසීය.

නිෂ්පාදන ද්‍රව්‍යවලට අසීමිත ලෙස බදු පැනවීමෙන් බේකරි හිමියන් දැඩි අසීරුතාවකට ලක්‌ව සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

මාගරින් අලෙවි කරන මිලට වඩා බදු මිල වැඩි වී ඇතැයි කී ජයවර්ධන මහතා ෆාම් ඔයිල් සඳහා ද බදු වැඩි කර ඇතැයි ද කීවේය.

නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ යැම මත ඇතැම් බේකරි හිමියන් තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව ද ඔහු පැවසීය.

make-money-468x60-2