ඔබාමගෙ කනෙන් රිංගපු පුටින්ගෙ සෙට් එක

make-money-468x60-2

ඊයේ (31) දිනයේ රුසියානු ගුවන් යානයක් ඇමරිකාවට නිරුපද්‍රිතව ගොඩබෑවේ රාජතාන්ත්‍රික එකඟතාවය මතයි. වර්ජිනියා හී ඩලස් ගුවන්තොටුපල වෙත මෙම ගුවන්යානය පැමිණියේ රාජතාන්ත්‍රිකව ඇමරිකාවේ ස්ථාපිත කර තිබූ 35 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් තම පවුල් පිටින් ඇමරිකාවෙන් රුසියාවට ගෙන යෑමටයි.

ඇමරිකානු ජනපති ඔවුන්ට චෝදනා කර සිටින්නේ ඔවුන් ජනාධිපතිවරණයට ඇඟිලි ගැසූ බවත් ඔත්තුකරුවන් ලෙසත්ය. කෙසේ වෙතත් මෙය රුසියානු රජය විසින් දියත් කල විශාල වැඩපිළිවෙලක අවසානය සනිටුහන් කරනු ඇත. ඩොනල් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමරිකාවේ විශාල මෙහෙයුමක් මොවුන් විසින් සිදු කර ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත් ජනපති ඔබාමා විසින් ඔවුන්ට නියෝග කර ඇත්තේ පැය 72 ක් ඇතුලත පවුල් පිටින් ඇමරිකාවෙන් පිටවන ලෙසයි. ඒ අනුව රුසියානු ගුවන්යානයක් පැමිණ ඔවුන්ගේ පවුල් පිටින් ඇමරිකාවෙන් රැගෙන යෑමට කටයුතු කර ඇත.

මොවුන්ගෙන් එක් අයෙකු ඇමරිකාවේ සැන්ෆ්‍රෑන්සිස්කෝ නුවර කොන්සොලට් කාර්යාලයේ කෝකියෙකු වශයෙන්ද රාජකාරී කර ඇති බවට අනාවරණය වී ඇත.

make-money-468x60-2