නව එජාප මහලේකම් වැඩ අරඹයි

make-money-468x60-2

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභිනව මහලේකම් ලෙස ඇන්ටෝනියෝ ගුටේරෙස් මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු අද (01දා) නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

එහිදී ඔහු සඳහන් කළේ අංක එකට සාමය තබාගන්නා ලෙසයි. හිටපු මහ ලේකම් බැංකි මූන් මහතාගේ ධුර කාලය ඊයේ (31දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීම හේතුවෙන් ගුටේරෙස් සිය තනතුරේ වැඩ බාරගත්තේය. ඔහු මහ ලේකම් ලෙස පසුගිය 12දා දිවුරුම් දුන්නේය.

වසර පහක ධුර කාලයක් සඳහා පළමුවරට පත්වූ නව මහලේකම්ට අභියෝග රාශියක් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාස, සිරියා අර්බූදය, දකුණු සුඩාන අර්බූදය, ලිබියා අර්බූදය ඒ අතරින් ප්‍රමුඛ වෙයි.

make-money-468x60-2