බැග්ඩෑඩ් අගනුවර බෝම්බ ප්‍රහාරයක් – 35ක් මරුට

make-money-468x60-2

බැග්ඩෑඩ් අගනුවර ජනාකීර්ණ චතුරශ්‍රයක එල්ල කෙරුණ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනකු ජිවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 60කට අධික පිරිසකට තුවාල සිදු වූ බව ඉරාකයෙන් වාර්තා වෙයි.

ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද්, බැග්ඩෑඩ් අගනුවරට නුදුරින් පිහිටි ප්‍රංශ හමුදා කඳවුරකට සංචාරයක යෙදී සිටි අවස්ථාවේ ප්‍රහාරය එල්ල කොට තිබේ.

ඉරාකයේ ඉස්ලාම් රාජ්‍ය (IS) ප්‍රහාරකයන්ට එරෙහිව සටන් කිරීම සියරට තුළ ත්‍රස්තප්‍රහාර එල්ලකිරීම් වැළැක්වීමට ඉවහල් වනබව ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් ඉරාකයේ රඳවා සිටින ප්‍රංශ හමුදාභටයන් අමතා කියා සිටියේය.

make-money-468x60-2