පොරකයට පෙර උපාධිය ලබයි

make-money-468x60-2

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ හිටපු උප පොලිස් පරීක්ෂක බී.ඒ. ලක්මිණි ඉන්දික බමුණුසිංහ ශාස්ත්‍රවේදී උපාධිය සමත්ව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

බන්ධනාගාර කුටියේ සිට පාඩම් කර ඔහු පසුගිය දා උපාධි විභාගයට පෙනී සිටියේය. උපාධි ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (5) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, උපාධිය ලබා ගැනීම සඳහා ඔහුට එහි යෑමට කොමසාරිස් ජනරාල්වරයා අවසර ලබා දුන් බව වැලිකඩ බන්ධනාගාර අධිකාර චන්දන ඒකනායක මහතා කියයි.

make-money-468x60-2