16 හැවිරිදි සිසුවා මුහුදට බිලි

වැලිගම මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසැල් සිසුවෙක් දියේ ගිළී මියගොස් තිබේ.

තවත් ළමුන් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ ගාල්ල, මාගෙදර මාදූවවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසැල් සිසුවෙකි.

මෘත ශරීරය මාතර රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (11) සිදුකිරීමට නියමිතය.